ජයග්‍රහණ
ශ්‍රී සන්ඝමිත්තා මහා විද්‍යාලය වන අප පාසල 2023 වර්ෂයේ දකුණු ආසියානු රන් පදක්කම් ලාභීන් බිහි කිරීමට සමත් විය.අප පාසලට එම ජයග්‍රහණ ගෙනෙන ලද්දේ නවය වසරේ ඉගෙනුම ලබන එල්.ඒ තිලුෂි දිල්මිණී දියණිය සහ ආර්. වරුන් ලකීෂ ඩයස් යන දරුවන්ය.2024 වසරේද ඔවුන් අප පාසලට ජයග්‍රහණ ගෙනෙන ලදි.
අප විද්‍යාලයේ ඉංග්‍රීසි දනුම සන්වර්නධනය අරමුණු කොට ගෙන 4,5,6 ශ්‍රේණි වල සිසුන් සදහා පවත්වනු ලැබූ ඉංග්‍රීසි කදවුර ඉංග්‍රීසි භාර ගුරුභවතුන් වන ශානිස් මොහොමඩ් ගුරුතුමිය සහ දිමුතු වැලිකඩආරච්චි යන ගුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව නිම කෙරුණු අතර වර්ෂා සහ සන්සිදු යන සිසුන්ගේ නායකත්වයෙන් කහ පැහැති කණ්ඩායමක්ද, නවින්දි සහ අනූජ යන සිසුන්ගේ නායකත්වයෙන් රතු පහැති කණ්ඩායමක්ද, මලීෂා සහ සිතිජ යන සිසුන්ගේ නායකත්වයෙන් නිල් පැහැති කණ්ඩායමක්ද, විවිධ ක්‍රියාකාරකම් සහ තරග වල නිරත විය.
2024 වර්ෂයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය උත්සවත්ශ්‍රීයෙන් සැමරූ අතර, උත්සවයේ ආරාධිත අමුත්තන් වෂයෙන් කලාප අධාපන අද්යක්ෂක, නැලිගම ශ්‍රී ශෛලාසන්නාරාමාදිපති පූජ්‍ය මාකුඹුරේ පියනන්ද සාමින්වහන්සේ, කලාප ක්‍රීඩා අද්යක්ෂක,වෙනත් පාසල් වල විදුහල්පතිවරුන් ආදී ආරධිත අමුත්තන් සම්බන්ධ වූහ.විවිද ක්‍රීඩා ඉසව් ඔස්සේ ජයග්‍රහණ ලබාගත් සිසුන්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රධානය කෙරිණි.





