විදුහල්පති පණිවිඩය
පූජ්‍ය මැදවෙලගම ජිනාලංකාර හිමි
ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නැලිගම,මහර නුගේගොඩ ග්‍රාම නිලධාරී වසම් දෙකට මැදිව මහර,ජා ඇල,වත්තල ආසන වලට කේන්ද්‍රව අප විදුහල පිහිටා ඇත.
විහාරස්නථානය මූලිකව ඇරඹුණු අපේ නැලිගම සංඝමිත්තා විද්‍යාලය ක්‍රම ක්‍රමයෙන් දියුණුව කරා පා නගා,1992 සැප්තැම්බර් මස සිට මහා විද්‍යාලයක් බවට උසස්වීම ප්‍රදේශයේ අප කාගේත් ජයග්‍රහණයකි.විදුහල මේ තත්වයට ගෙන ඒමට සහය දුන් එදා,මෙදා තෙක් සේවය කළ විදුහල්පතිවරුන්ටත්,ගුරුභවතුන්ටත්,ප්‍රදේශවාසීන්ටත්,පරිත්‍යාගශීලීන්ටත් මගේ ප්‍රණාමය පුද කරමි.
මට හා මගේ ගුරුමණ්ඩලයට සහය වන ශිෂ්‍ය නායක නායිකාවන් ඇතුළු කැපවීමෙන් වැඩ කරන සියලු ශිෂ්‍යයින්ට ආශිර්වාද කරමි.අප දරුවන්ට දුෂ්කරතාවයෙන් තොරව අද්ධයපනය
ලැබීමට සහය දෙන මැති ඇමති තුමන්ලාට මෙන්ම අද්‍යාපන නිළදාරීන්ට ද ස්තූතිය පුද කරමි.
රජයේ මෙන්ම පෞද්ගලික ආයතනයක් වන මහර බන්ධනාගාරය මෙන්ම සයුකුෂෝවා(පුද්ගලික) සමාගමින් අපට ලබෙන සහාය කෘතඥතා පූර්වකව සිහිපත් කරමි
පාසලේ දියුණුව පතමි.
පූජ්‍ය මැදවෙලගම ජිනාලංකාර හිමි
විදුහල්පති
බප/කැළ ශ්‍රී සංඝමිත්තා ම.වි.
.





