දැක්ම
සහ
මෙහෙවර
"හෙට ලොවට මානව හිතවාදී දරුවෙක්"
"මනා ඉගෙනුම් පරිසරයක් තුල ගුණ දහමින් පෝෂිත මානව හිතවාදී නිපුණතා පූර්ණ හෙට ලොව ජයගත හැකි යහපත් දරුවකු බිහි කීරිම"
"හෙට ලොවට මානව හිතවාදී දරුවෙක්"
"මනා ඉගෙනුම් පරිසරයක් තුල ගුණ දහමින් පෝෂිත මානව හිතවාදී නිපුණතා පූර්ණ හෙට ලොව ජයගත හැකි යහපත් දරුවකු බිහි කීරිම"

අප විද්‍යාලයේ නිර්මාතෘ අපවත්වී වදාළ නැලිගම ශ්‍රී ශෛළාසන්නාරාම විහාරාධිපති ආරියංශාලංකාර කීර්ති ශ්‍රී විභාවි අතිපූජ්‍ය දිප්පිටියේ පියතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ
.
මෙයින් වසර 94 කට පෙර ඈත යුගයේ ළමුන් දස දෙනෙකුගෙන් යුත් බෞද්ධ පාසලක් ලෙස අප පාසල ආරම්භ කර ඇත.අපවත් වී වදාළ ආරියවංශාලංකාර කීර්ති ශ්‍රී විනය විබාවි දිප්පිටිගේ පියතිස්ස නායක මාහිමිපාණන්වහන්සේ සහ එවක විහාරස්ථානයට සමීපව කටයුතු කළ ජාති මාමක ගිහි භවතුන් කිහිපදෙනෙකුගේ කැපවීමෙන් මෙම පාසල ආරම්භ කර ඇත.මාහිමිපාණන් වහන්සේ සමහර ගුරුවරුන් පන්සලේ නවත්වාගෙන ,ඉතා සුළු වැටුපක් ලබා දෙමින්,1937 දක්වා මහත් දුශ්කරතා මද්‍යයේ පාසල පවත්වාගෙන ගොස් ඇත.
1937 ඔක්තෝබර් මස 07 වැනි දින සීමාසහිත තරුණ අභිවෘර්දි සාදක සමිතියට විදුහල බාර දෙන අවදියේ ශිශ්‍ය සංඛාව 41 ක් විය.මෙතෙක් පාසල පැවත්වු අතු සෙවිලි කළ ධර්ම ශාලව වෙනුවට.විහාරස්ථ සන්ඝමිත්තා කුළගණ සමිතිය මගින් බුදු මැදුර ඉදි කිරීම සදහා මිල දී ගත් ඉඩමේ කොටසක,ශ්‍රී ප්‍රවර්නධ සමිතියේ අනුග්‍රහයෙන් ශාලවක් ඉදි කර,ධර්ම ශාලවෙන් පාසල එම ශාලවට මාරු කරන ලදි.ආදාර ලබන පාසල් රජයට පවර ගන්නා අවස්වේථා,එනම් 1971 දී මෙම විදුහලද රජයට පවරා ගන්නා ලදී.